ඉන්දියාවේ ‘තේජස්’ට ඇමරිකාවෙන් බෝම්බ!

0
600

ඉන්දියාවේ දේශිය නිශ්පාදනයක් වන තේජාස් ප්‍රහාරක ගුවන් යානාවල ප්‍රහාරක හැකියාවන් ඉහළ නැංවීම සඳහා, ඒවා ඇමරිකානු ඒකාබද්ධ සෘජු ප්‍රහාරක බෝම්බ (JDAM) කට්ටලවලින් සන්නද්ධ කිරීමට පියවර ගෙන තිබේ.

ඉන්දීය ගුවන් හමුදාව පවසන්නේ ඉන් නිශ්චිත නිරවද්‍යතාවයකින් යුතුව සතුරු ස්ථාන ඉලක්ක කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.
මෙම බෝම්ම කට්ටල මගින් කිලෝමීටර් 80 කට වැඩිදුරකින් යුතු ඉලක්ක වෙත පවා නිවැරදි ලෙස ප්‍රහාර එල්ල කිරීම‍ට හැකි බව පැවසේ.

මෙසේ සන්නද්ධ කරන ලද ‍තේජස් බලඇණිය, අනාගතයේදී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානතම අංගයක් වනු ඇති බවට එරට ආරක්ෂක අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here