ඉන්දීය නාවික හමුදාව සිය දෙවන දිගු දුර සමුද්‍ර ඔත්තු බැලීමේ ගුවන් බළකායත් අරඹයි.

0
527

බෝයින් 81 වර්ගයේ ගුවන් යානා සමූහයකින් යුක්තව ඉන්දීය නාවික හමුදා ගුවන් බලඝණය විසින් සිය දෙවන දිගු දුර සමුද්‍ර ඔත්තු බැලීමේ ගුවන් බලකාය ආරම්භ කර ඇත.

මෙහි සමාරම්භක උත්සවය, ගෝවා හි ඉන්දීය නාවික යාත්‍රාංගණයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් සහභාගි වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැන්විණ.

අයිඑන්එස් 316 ‘කොන්ඩෝර්ස්’ ලෙස නම් කර ඇති මෙම ගුවන් බලඝණයේ ඉන්දීය සාගර කලාපයේමෙහෙයුම් සදහා විශේෂයෙන් එක්වනු ඇත.

මේ සදහා වන බෝයිං යානා , ඉන්දියාව විසින් එක්සත් ජනපදයෙන් ලබාගෙන ඇති අතර එහි වටිනාමක ඩොලර් බිලියනයක් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here