ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් කෝටියකට සෞඛ්‍ය පහසුකම් නෑ.

0
455

කෝටි 04 ක් වන ඇෆ්ගනිස්තානයේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් හෙවත් කෝටියකට පමණ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සදහා අවස්ථාවක් නොමැති බව සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත 34 ක දිස්ත්‍රික්ක 401 ක් ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ අන්තර් ජාතික සංක්‍රමණිකයන්ගේ සංවිධානය විසිනි.

එහිදී වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ, පසුගිය කාල සීමාව පුරා පැවති ගැටුම් හේතුවෙන් මිලියන 6 ක් පමණ තවමත් අභ්‍යන්තර අවතැන්වූවන් ලෙස දිවිගෙවන බවයි.

මිලියන 4.5 ක් පමණ රටින් පළාගොස් ඇති බවත් ඇෆ්ගනිස්තානයේ වැඩිහිටියන්, එනම් වයස අවුරැදු 18 ට වැඩි පුද්ගලයන් මිලියන 20 ක පමණ පිරිසක් විරැකියාවෙන් පෙළෙන බවත් මෙහිදී තවදුරටත් හෙළිදරව් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here