අනුරාධපුර, බලංගොඩ, කොළඹ, නුවර, ගම්පහ ජනතාව වීදි බසිද්දී රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්වේ…

0
883

අද (02) සවස 6.00 සිට සඳුදා උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය මූළු ශ්‍රී ලංකාවටම බැලපැවැත්වෙන පරිදි පැණවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

පසුගිය කාලයේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා පොලීසිය හෝ ජනාධිපති මාධ්‍ය ඒකකයයි.

අද දින ජනතාව දිවයිනේ ප්‍රදේශ රැසක සාමකාමී විරෝධතා දියත් කර තිබූ අතර ඊට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. වැඩිම ජනතාවක් පැමිණ සිටියේ අනුරාධපුරයේ පැවැති විරෝධතා වලට බව වාර්තා වේ.

විදුලිය, ඉන්ධන, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදෙන ලෙසත්, ජීවන වියදම පහළ හෙලන ලෙසත් ඉල්ලමින් ඊයේ රාත්‍රියේත්, අද උදෑසන කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා. එවැනි විරෝධතාවක් අද උදෑසන පැවැත්වුණේ කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට විහාර මහාදේවී උද්‍යානය ආසන්නයේදීයි. 

පවතින අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මාතර නීතීඥ සංගමය ද ඊයේ පස්වරුවේ විරෝධතාවක නිරත වුණා. වත්තල ඇලකන්ද ප්‍රදේශයේ සහ බේරුවල නගරයේද ඊයේ දිනයේ එවැනි විරෝධතා පැවත්වුණි.

හෙට (03) පැවැත්වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත ජනතා විරෝධතාව කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම ඇඳිරි නීතිය හා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර පොලිස් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඊට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here