ආණ්ඩුවට 117ක් වෙද්දී වෙන්න යන දේ….

0
634

ජනාධිපතිවරයා ඉල්ලා අස්වී නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමත්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමත් අද පක්ෂ නායක රැස්වීමේදී යෝජනා වූ කරුණු අතර විය.

ඒ සඳහා ව්‍යාවස්ථා ප්‍රතිපාදන නොමැති බව කතානායකවරයා පැවසීය. ආණ්ඩුව විසුරුවා හැරීමේ බලයක් තවම ජනපතිවරයාට නොමැති බැවින්, මන්ත්‍රී යෝජනාවක් ලෙස එය පාර්ලිමේන්තුවට ගෙන අනුමැතිය හරහා විසුරුවාලීමට සිදුවේ.

එමෙන්ම තවත් මැතිවරණයක් වෙත යාමට බොහෝ පක්ෂ අකමැත්ත ප්‍රකාශ කරන ලදී.

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10ට නැවත රැස්වේ.

ආණ්ඩුවට බලය අහිමිවීමට නම් තවත් ආසන 5ක් විපක්ෂයට හෝ ස්වාධීන විය යුතුය. පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුණා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරු පහළොස් දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනෙකු සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අද දිනයේ තීරණය කළේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here