ඉන්දියාවේ යාචකයෙකුගෙන් ශ්‍රී ලංකාවට මුදල් පරිත්‍යාගයක්…

0
1845

ඉන්දීය ජාතික යාචකයෙකුගෙන් මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි එරට මදුරාසි දිසාපතිවරයා වෙත භාරදුන් පුවතක් වාර්තා වේ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ පත්ව ඇති තත්වය පිළිබඳ සංවේදී වෙමින් ඔහු මෙම මුදල් ආධාරය ලබාදී තිබෙනවා.

ඉන්දියාවේ තූත්තුකුඩි ආලංකිනරු ප්‍රදේශයේ පදිංචි මොහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් 25,000ක් (ලංකා රුපියල් 85,000ක් පමණ) භාරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.

මේ පුද්ගලයා ඉන්දියාවේ අන්ත දුප්පත් මිනිස්සුන්ට නිරන්තරයෙන් උපකාර කරන පුද්ගලයෙක් බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here