Saturday, September 21, 2024

මහජන බැංකු සභාපතිට රථගාය හැදේ…!!

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුවේ සභාපතිතුමන්ට පසුගිය රජයේ සභාපතිවරුන්ට වැළදී තිබූ රෝගයක් වැළදී තිබෙන බව CIA වෙත වාර්තා වෙනවා.

රුපියල් කෝටි 3 ක වියදමින් Toyota Land Cuiser වර්ගයේ සුඛෝපබෝගී ජීප්රථයක් ඇනවුම් කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.

මහජන බැංකුවේ සභාපතිවරයෙකුය භාවිතා කළ හැකි වර්ගයේ සුඛෝපභෝගී වාහන ඕනෑතරම් තිබියදී මෙලෙස නව ජීප්රථයක් මිළදී ගන්නේ කුමන අරමුණකින්ද යන්න සියළු දෙනාටම  පුදුමයකි.

මේ පිළිඹදව අදහස් දැක්වූ සමහර බැංකු සේවකයින් සදහන් කරන්නේ  ජම්මයට වඩා පුරුද්ද ලොකු බවත් රාජපක්ෂ අාණ්ඩුව සමයේ ජනතා මුදල් වලින් අනිසි ලෙස සැප වින්ද සමහර  ඉහල තනතුරු දැරුවන්ට එම පුරුදු අත්හල නොහැකි බවය.

කෙසේ වෙතත් ජනපතිගේ මැදිහත් වීම මත ඇමතිවරුන්ට සැප වාහන අළුතින් ගෙන ඒම පවා නතර කර යහපාලනයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට ආණ්ඩුව සැරසෙන විට  මෙවැනි පුද්ගලයින් තමාගේ සැප විහරණය සදහා මහජන මුදල් කාබාසනියාා කර දැමීම කෙසේ වෙතත් අනුමත කළ නොහැක.

කෝටි 3ක සැප වාහනයට අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැති ලැබුනද මෙවැනි කටුයුතු සදහා ජනතා අනුමැතිය නම් කිසිදා නොලැබෙනු  ඇත.

කෙසේ වෙතත් මොහු සභාපති වන විට මහජන බැංකුව ලංකාවේ බැංකු අතරින් 2 වන ස්ථානයේ පසු වු අතර මොහුගේ පාලන කාලය තුළ එය 5 වන ස්ථානය දක්වා පහල බැස තිබේ.

මෙම තත්වය උදා වී ඇත්තේ වර්තමාන සභාපතිගේ  අකාර්්‍යක්ෂම පාලනයේ ප්‍රති පල නිසා බැව් බොහෝ දෙනා පවසනු ඇත.

දිනෙන් දිනම පහළට කඩා වැටෙන මහජන බැංකුවේ වන වංචා දූෂණ පිළිඹද විශේෂ හෙළිදරව්වක් CIA තුළින් ළගදීම බලාපොරොත්තු වන්න.

13706165_10207743108239942_2065595485_n 13734583_10207743108359945_1168259573_n

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles