ශ්‍රි ලංකා පොලීසියෙන් විශේෂ නිවේදනයක්..

0
913

උත්සව සමයේ විවිධ අවශ්‍යතා සඳහා ජනතාව කොළඹ නගරයට පැමිණෙන නිසා කොළඹ – කොටුව, පිටකොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශ වල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය පවසනවා.

උත්සව සමය ආසන්න වීමත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විශාල වශයෙන් ජනතාව ගැවසෙන බව නිරීක්ෂණය වී ඇති කරුණක්.

විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද පස්වරුවේ එවැනි තත්වයක් ඇතිවිය හැකියි.

එම නිසා රථවාහනවලින් ගමන් ගන්නා සියලුම තැනැත්තන් විකල්ප මාර්ග භාවිත කිරීම සුදුසු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here