සතොසෙන් අවුරුද්දට සහන මල්ලක්..

0
718

සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙඳපොලෙහි පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් හා සහනදායී මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත් සහන මල්ලක්, ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය විසින් කටයුතු සලසා තිබෙනවා.

සහල්, කිරිපිටි, සීනි, තේකොළ ඇතුළත් වන මෙම ලංකා ස.තො.ස සහන මල්ල රුපියල් 1950ක මිලට අලෙවි කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි පවතින මිලගණන් හා සැසඳීමේ දී මෙම භාණ්ඩ වර්ග 05 මිලට ගැනීම සඳහා වැය කළ යුතු මුදලට වඩා රුපියල්700ක් හෝ ඊට වැඩි වාසියක් මෙම අවුරුදු සහන මල්ල මිල දී ගැනීම තුළින් පාරිභෝගිකයාට හිමි වනු ඇති.

නාඩු සහල් කිලෝ 05යි

සම්බා සහල් කිලෝ 05යි

හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400‍යි

දුඹුරු සීනි කිලෝ 01යි

තේ කොළ ග්‍රෑම් 100යි

මෙම අවුරුදු සහන මල්ල මෙම මස 09 වැනි දින සිට ලංකා සතොස අලෙවි ශාඛාවලින් බෙදා හරින බව යි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here