ස්වාධීන වූ මන්ත්‍රීන්ගෙන් ජනාධිපතිට ලිපියක්..

0
427

මහජන අසහනය දුරුකර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර තමන් කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදීම සඳහා පරිසරය නිර්මාණය කිරිම උදෙසා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවලියක් පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුවට සහාය දැක්වූ පක්ෂ දහය වෙනුවෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ විජයදාස රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට අත්සන් තබා තිබේ. මේ මොහාතේ වහාම ගත යුතු පියවර වශයෙන් යෝජනා 11ක් ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here