Saturday, September 21, 2024

පින්බර ඇසල පොහෝ දිනය අදයි..

අදඇසළ පුර පසළොස්‌වක පොහොය දිනයයි. බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්‌වග මහණුන් අරබයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්‌කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූයේ අද වැනි උතුම් පෝය දිනකයි.

ඉතිහාසය ගත් කළ, ඇසල පෝය දිනයන්හි ඉතා වැදගත් සිදුවී ගණනාවක්ම සිදුව ඇත. වෙසක් පුර පසොලොස්වක පෝයට පසුව වැදගත්ම පෝය දිනයක් ලෙස උතුම් ඇසල පොය දින සැලකේ.

වෙස්‌සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහබෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසිනව වැනි වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරදුන් ප්‍රමුඛ පස්‌වග මහණුන්ගේ ප්‍රථම වස්‌සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම, ගණ්‌ඩබ්බ රුක්‌ මුල්හිදී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු වස්‌ බුදුරදුන් යමාමහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස්‌ එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් උතුම්. ඇසල පෝය හා බැඳී පවතී.

තවද, මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්‌ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහා විහාර සීමාව තුළ ප්‍රථම ඛණ්‌ඩ සීමාව සම්මත කිරීම, ලක්‌දිව අරිට්‌ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්‌ස රජු විසින් මිහින්තලයේ කණ්‌ඨකෙච්තිය වටා කර වූ අටසැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේලා හැටදෙනමක්‌ පළමු වරට ලක්‌දිව වස්‌ එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහාසෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම, එම මහා සෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීම, දළදා වහන්සේ ලක්‌දිවට වැඩමකරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහැරේ ආරම්භය සිදුවීම යන උතුම් කාරණා මෙම අසිරිමත් ඇසල පෝය හා බැඳී පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles