කෝවිඩ් හේතුවෙන් චීන ආර්ථිකයට දැඩි බලපෑම්

0
549

යළිත් කොවිඩ්-19 වසංගතයට මැදිවී සිටින චීනයේ නිෂ්පාදන සහ සේවා අංශ ගතවුණු මාර්තු මාසයේ දී තවදුරටත් පහත වැටීමකට ලක්වී ඇති බව වාර්තා වේ.

එරට නිල නිෂ්පාදන ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) පෙබරවාරි මාසයේ දී 50.2 ක් වූ අතර මාර්තු මාසයේ දී එය 49.5 දක්වා පහත වැටී ඇති බව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) පවසයි.

නිෂ්පාදන නොවන PMI දර්ශකය පෙබරවාරි මාසයේ පැවති 51.6 සිට මාර්තු මාසයේ දී 48.4 දක්වා පහත වැටී ඇති බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

මෙම තත්වයට මූලික හේතුව කොවිඩ් පැතිරීම මැඩපැවැත්වීම සඳහා ෂැංහයි සහ ෂෙන්සෙන් ඇතුළු බොහෝ නගරවල නිෂ්පාදන සහ බෙදාහැරීම බලධාරීන් විසින් සීමා කර තිබීම බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here