ඉන්දියාව ලංකාවට වැට බඳියි.

0
708

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ සිට අනවසරයෙන් ඇතුළු වන පිරිස් වැළැක්වීම සඳහා ඉන්දීය මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

බුද්ධි අංශ නිකුත් කල වාර්තාවක අනුව ශ්‍රි ලංකාදේ පවතින ආර්ථික අර්බුදය හමුවේ එලෙස පැමිණෙන පිරිස් වැඩිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය නාවික හමුදාව වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලීසිය ද අදාළ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින බවයි.

ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළතීරය මෙහිදී වැඩි අවධානයට ලක්ව ඇති අතර, ධීවර ගම්මාන 500කට වැඩි සංඛ්‍යාවක් එහි පිහිටා තිබෙනවා.

එම ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් ඇතුළු වන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා ආරක්ෂාව ඉහළ නංවා ඇති බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ තම දරු දෙදෙනා ද සමග තමිල්නාඩුවට ගිය ලාංකික දමිළ යුවලක් මණ්ඩපම්හි නාවික පොලීසිය විසින් රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ සිට පෙරේදා දිනයේදී මොවුන් ධීවර යාත්‍රාවකින් තමිල්නාඩු ප්‍රාන්තයේ ධනුෂ්කොඩි ප්‍රදේශයට පැමිණ ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

මේ දක්වා ලාංකික දෙමළ පවුල් 20 ක් තමිල්නාඩුවට සරණාගතභාවය අපේක්ෂාවෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වී ඇති බව ද එම වාර්තාවල සඳහන්. 

එමෙන්ම මන්නාරම සහ යාපනයේ සිට පුද්ගලයින් 19 දෙනෙකු (පවුල් 5 ක්) බෝට්ටු මගින් අද(10) ධනුෂ්කොඩි වෙත පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here