ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි.

0
454

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු 14ක් විවෘත කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පවසනවා.

ඒ, අනුව රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් සමඟ ජලාශ 04ක මෙලෙස වාන්දොරටු විවෘත කර තිබෙනවා.

ඒ සමඟ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය භාවිත කරන ජනතාවත්, කලා ඔය භාවිත කරන ජනතාවත් ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසයි ඒ මහතා දැනුම් දෙන්නේ.

වර්ෂාපතනය තව දුරටත් පැවතියහොත් අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අනෙකුත් ජලාශවල වාන් දොරටු ද විවෘත කිරීමට සිදුවන බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here