ජනපති තවත් වංගුවකට ස්වාධීන අයට එන්න කියද්දී දෙවැනි දිනටත් විරෝධය උග්‍ර වෙයි…

0
437

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරු 41 දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) රාත්‍රි 7.00 ට සාකච්ජාවක් සඳහා කැඳවා තිබේ.

එමෙන්ම ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලය දෙවැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. එහිදී දානපතියන් හා පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ආහාර, පාන, ඖෂධ, වැසිකිළි පහසුකම්, වැසි ආවරණ, කූඩාරම් හා මෙට්ට හේතුවෙන් අරගලය වඩා සුවපහසු අයුරින් අඛණ්ඩව කරගෙන යාමට හැකිවූ බව ඔවුහු පවසති.

ඔවුනගේ එකම ඉල්ලීම වන්නේ අරගලය හා සම්බන්ධ වන්නට සුළු වේලාවකට හෝ පැමිණ සංග්‍රහයක් භුක්ති විඳ යන ලෙසයි. මේවන විට විරෝධය වෙනුවෙන් දින දෙක තුළ ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here