අරගලය මායිම් නොකරයි… ඉල්ලා අස්වන්නේ නෑ! – ආණ්ඩුව ස්ථිරවම පවසයි

0
859

අද (11) තුන්වැනි දිනටත් ගාලු මුවදොර තරුණ අරගලය දියත් වෙද්දී… රට පුරා නගර ගම් දනව් රැසක ජනපතිවරයාටෙ ගෙදර යන ලෙසත්, ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් විරෝධතා දියත් වේ. එලෙසින්ම ලෝකයේ ප්‍රධාන නගර එනම් සිඩ්නි, ලන්ඩන්, රෝම, ටෝකියෝ, ටොරොන්ටෝ, වොෂින්ටන්, ලොස්ඇන්ජලීස්, වෙලිංටන්, ඕක්ලන්ඩ් හි ශ්‍රී ලාංකිකයන් රැසක් විරෝධය පළ කරමින් වීදිබැස සිටිනු දැකිය හැකි විය.

ඒ අතරවාරයේ අද දින නව අමාත්‍ය මණ්ඩලයක් ලෙසින් පැරැණි අමාත්‍යමණ්ඩලයම දිව්රුම් දීමට කටයුතු යොදා ඇත. එහි අරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් රටට ලැබෙන තෙක් රට පවත්වාගැනීමටත්, මුදල් ලැබුණු වහාම අරගලකරුවන්ට එරෙහි පියවර ගැනීමටත්ය.

එබැවින් ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැති බවත්, අරගලකරුවන්ට කළ හැකි කිසි දෙයක් නැති බවත් ඊයේ පැවැති සාකච්ඡා වලදී ගත් තීරණය බව වාර්තා වේ. එමෙන්ම හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ කිසිම ආකාරයක ජාතික ආණ්ඩු තීරණයක් නොගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here