කතරගමදි දඩමස් හොයන්නවුන්ගේ “හිතේ දඩමස් – බඩේ බලුමස්”

0
848

කතරගමට පැමිණෙන ඇතැම් බැතිමතුන්ගේ ‘දඩ මස් උන්මාදය’ හේතුවෙන් කෙටි පිළිතුරක් ලෙස මේ බලු මස් ජාවාරම ශීඝ්‍ර ලෙස කෙරෙමින් පවතින බවට තොරතුරු හෙළි වී ඇත.

මේ සංවිධානාත්මක ‘බලු මස්’ ජාවාරම් සිදු කෙරී ඇත්තේ කතරගම දමේ පාරේ වන ළැහැබකය. මස් පිණිස මරා දැමූ සුනඛයන්ගේ ඔළු සහිත පෝර උර කිහිපයක් එහි තිබී හමුවී ඇති බව වාර්තා වෙයි.

කතරගම පූජා නගරය සහ ඒ අවට සැරිසරන සුනඛයන් අල්ලාගෙන ගොස් ගස් බැඳ තබන ස්ථානයක් තිබෙන බවද වාර්තා වෙයි. සෙල්ල කතරගම ගණදෙවි දේවාලයේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ කතරගමට පැමිණ දඩ මස් සොයනවුන්ට දේව සාපය වැදී බලු මස් කෑමට සිදුවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here