ගමේ යන අයට ලැබෙන සහනේ..

0
372

අළුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් 19 වනදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාවට නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී – ධාවන පණ්ඩුල ස්වර්ණහංස මහතා පවසනවා.

ජාතික ගමනාගමන කොමිසම යටතේ ලියාපදිංචි, දුරගමන් සේවා සඳහා අනියුක්ත කර ඇති මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 04 කින් ඉන්ධන සපයන බව ද විශේෂ ගමන්වාර කිහිපයක් සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි එම මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු නාලක දිසානායක පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here