Tuesday, April 30, 2024

නාවික යාත්‍රා ගැටුමකින් එක් අයෙක් අතුරුදන්..

කරෙයිනගර් මුහුදු සීමාවේදී පෙරේදා (10) රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් නාවික සෙබලෙකු අතුරුදහන් වී තවත් සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට පොලීසිය පැවසීය. අතුරුදහන් වූ නාවික හමුදා සෙබලා මෙතෙක් සොයාගෙන නොමැති අතරම නාවික හමුදාවේ කිමුදුම් බලකාය හා පොලීසිය එක්ව ඊයේ (11) දිනයේදීද සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි

කරෙයිනගර් නාවික හමුදා කඳවුරට අයත් වෝටර් ජෙට් නැමති යාත්‍රා දෙකක නිලධාරීන් විසින් කරෙයිනගර් නාවික ජැටියෙ සිට මුහුදු සැතපුම් 07 ක් පමණ වූ මුහුදු සීමාවේදී සෝදිසි මෙහෙයුමක් සිදුකරන අතර තුරදී සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇත.

අනතුරුව අදාල සැකකටයුතු යාත්‍රාවට නවතින ලෙස නාවික හමුදාව විසින් විධානය කලද එය නොනවත්වා මුහුදේ ධාවනය කිරීම හේතුවෙන් අදාල යාත්‍රාව පසුපස නාවික හමුදාව විසින් වොටර් ජෙට් යාත්‍රා දෙකෙන්ම ලුහුබඳින අවස්ථාවේදී යාත්‍රා දෙක එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැක පල කරන බවටද පොලීසිය සැක පලකර සිටියි. අනතුරින් පසුව එක් ය්‍රාත්‍රාවක සිටි නාවික සෙබලෙකු මුහුදට වැටී දියේ ගිලීමෙන් අතුරුදහන්ව ඇති අතර තවත් සෙබලුන් දෙදෙනෙකු තුවල ලබා කයිට්ස් මූලික රෝහලට ඇතුලත් කොට ඉන් එක් සෙබලෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

අතුරුදහන්ව ඇත්තේ අවුරුදු 27 ක් වයසැති නාවික සෙබලෙකු බවටත් මේ වන විටත් කයිටිස් පොලීසිය සහ නාවික හමුදාව විසින් අතුරුදහන්ව සිටි නාවික සෙබලා සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles