හොරට ඉන්ධන හන්ගපු අයෙකුට වැඩ වරදි.

0
632

වත්තල – හැඳලවත්ත ප්‍රදේශයේ දී, නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කොට තබා ගනිමින් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී සැකකරු සතුව තිබී පෙට්‍රල් ලීටර් 30කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය දිනවල දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට ඉන්ධන අලෙවි කරන ස්ථාන 68ක් සොයා ගැනීමට පොලීසිය කටයුතු කළා.

එහි දී පෙට්‍රල් ලීටර් 8025ක් සහ ඩීසල් ලීටර් 726ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here