මගීන් නැතිව දුම්රිය ගණනක් නවති.

0
952
tain

මගීන් නොමැතිවීම හේතුවෙන් සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා තිබූ විශේෂ දුම්රිය අටක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 09 වැනිදා සිටි ඊයේ (11) දක්වා අවලංගු කළ විශේෂ දුම්රිය අතර ඊයේ සහ පෙරේදා පෙරවරු 9.00ට කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රියද

09, 10, හා 11 දිනවල රාත්‍රී 7.00 කොටුවේ සිට ගාල්ල දක්වා වූ දුම්රියද

10 සහ 11 දිනවල දහවල් 12.30ට කොටුවේ සිට අනුරාධපුර බලා යන දුම්රියන්ද මෙලෙස නතර කර ඇත.

ඉකුත් 09 වැනි දා උදේ 9 .30ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය කළ දුම්රිය මගීන් නොමැතිවීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයෙන් හරවා නැවත කොළඹ බලා ධාවනය කර තිබේ.

මේ අතර අද (12) රාත්‍රී 7.20ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ රාත්‍රී 10ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා වූ විශේෂ දුම්රිය දෙකක් ධාවනය වීමට නියමිත බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here