Friday, September 20, 2024

විගණකාධිපතිට වෙන රැකියාවක් හොයා ගන්නැයි රනිල් කියයි

තමවැටුප වියදම් පියවා ගැනීම සඳහා ප‍්‍රමාණවත් නොවන බැවින් ඒ ගැන සලකා බලන ලෙසට විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පාර්ලිමේන්තුවට කළ දැනුම් දී ඇත.

එම දැනුම් දීමට ප‍්‍රතිචාරක් වශයෙන් ඔහුට නව රැකියාවක් සොයා ගන්නා ලෙස අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා. පාර්ලිමේන්තුවේ කථානායකවරයා හරහා සිය පත්වීම සිදු කළ ව්‍යවස්ථාදායක සභාවට මේ බව විගණකාධිපති විසින් දැනුම් දී ඇත.

ව්‍යවස්ථානුකූලව මේ කටයුත්තට මුදල් අමාත්‍යාංශය මැදිහත්විය යුතු බව සාකච්ඡාවට භාජනය වීමෙන් පසුව නිර්දේශය වී ඇත. ව්‍යවස්ථාදායක සභාව ඒ ගැන කළ දැනුවත් වීම හරහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මේ බව සැල වී ඇත.

විගණකාධිපති වැටුප් තලය සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැටුප් තල සමාන බවත් ඒ පසුබිමේ විගණකාධිපති වැටුප ඉහළ දැමීම හරහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ද වැටුප් ඉහළ දැමීමට සිදු වන බවත් එය වැටුප් විෂමතා රැසක් උද්ගතකරන කාරණයක් බැවින් විගණකාධිපතිගේ ඉල්ලීම ඉටු නොකළ හැකි බවත් එහි දී අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

තමන් වැටුප් වර්ධකයක් ඉල්ලා නොසිටි බවත් තමන් පෙන්වා දුන්නේ තමන් පත්වීම ලබන අවස්ථාවේ ඉදිරිපත් කළ පෙර වැටුප් වාර්තා සලකා විගණකාධිපතිධුරයේ වැටුප පිළිබඳ නිශ්චිත දැනුම් දීමක් කරන ලෙස බව දැනුම් දුම් බව විගණකාධිපති මේ සම්බන්දව පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ, සිය වැටුප ගැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් ඊට අනුව තම ධුරයට අදාළව වැටුප පාර්ලිමේන්තුව විසින් නියම කරන ගණනක් විය යුතු හෙයින් තමන් පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දීම වරදක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය. එසේම තමන් වෘත්තීය ස්වාධීනත්වය තබා ගැනීම වෙනුවෙන් අවංකව කළ ඉල්ලීමක් ජූලි 15 වන දා සමහර පුවත්පත් යම් හාස්‍යයකින් යුතුව වාර්තා කර තිබූ බවත් ඒ ගැන තමන් කනගාටු වන බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153(2) වගන්තියට අනුව විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුතු වෙනවා. විගණකාධිපතිගේ වැටුප වැඩි කිරීම ඒකාබද්ධ අරමුදල හරහා සිදුවන බැවින් එය මුදල් අමාත්‍යංශයේ එකඟතාව මත සිදුවිය යුතුව ඇත. ඒ පිළිබඳ අප ආරංචි මාර්ග සඳහන් කරන්නේ විගණකාධිපතිවරයා සහ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පිරිස් අතර පසුගිය සමය තුළ ඇති වූ ගට්ටන හේතුවෙන් ඔහුගේ වැටුප් වැඩිවීම ගැන විශ්වාසයක් තැබිය නොහැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles