තුවක්කුකරුවන් එල්ල කල වෙඩි ප්‍රහාර වලින් ජීවීත රැසක් අහිමි වෙයි.

0
598

නයිජීරියාවේ මධ්‍යම සානුව ප්‍රාන්තයේ ගම්මානවලට තුවක්කුකරුවන් විසින් එල්ල කළ  ප්‍රහාරවලින් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

නයිජීරියානු ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර විපතට පත් වූවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

අපරාධකරුවන්ට අනුකම්පා නොකළ යුතු බවද  ජනාධිපතිවරයා සඳහන් කරනවා

යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් කානම් ප්‍රදේශයේ ගම්මාන හතරකට කඩා වැදී මිනිසුන්ට වෙඩි තබා ඇති අතර නිවාස ගිනිබත් කළ බවයි පැවසෙන්නේ.

ගම්මාන ආසන්නයේ ලඳු කැලෑවල මළ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here