උමං දුම්රිය ස්ථානයක වෙඩි තැබීමක්.සැකකරු නිදැල්ලේ..

0
640

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර උමං දුම්රිය ස්ථානයක සිදුවූ වෙඩි තැබීමෙන් මේ වනවිට පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

වෙඩි තැබීමට සම්බන්ධ වූ යැයි විශ්වාස කෙරෙන 62 හැවිරිදි ෆ්‍රෑන්ක් ආර් ජේම්ස් නැමැති පුද්ගලයාව සොයා එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා

නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව (NYPD) “ඔහු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට”  දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

වෙඩි තැබූ  පුද්ගලයා සතුව ග්ලොක් මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රීය අත් තුවක්කුවක් තිබූ බවත් ඔහු එම ආයුධයෙන් අවම වශයෙන් 33 වතාවක් වෙඩි තැබූ බවත් පොලිසිය සඳහන් කරනවා

විපතට පත් සියලුම දෙනා දිවි ගලවා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මඟ පෙන්වන තොරතුරු සඳහා ඩොලර් 50,000 (පවුම් 38,450) ත්‍යාගයක් පිරිනමනු ලබන බවයි පැවසෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here