ඉන්ධන බෙදා හැරීම ගැන අලුත්ම තොරතුර…

0
727

අද දිනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එමෙන්ම දිවයිනේ පිරවුම් හල් කිහිපයක් විවෘත කර තැබීමට උපදෙස් දුන් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ.

පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලා.

එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන දිවයිනේ සියලු ප්‍රදේශ වෙත ලබාදීමට ඉදිරි දින දෙක තුළ දී කටයුතු කරන බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here