රුසියාවේ නම්බුව කලු මුහුදේ ගිලී යයි…

0
676
moskva


කළු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයකට ලක් වූ “මොස්ක්වා” නමැති රුසියානු යුද නෞකාව ගිලී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ඒ බව තහවුරු තර ඇති බවයි. 

ප්‍රහාරයෙන් අනතුරුව වරායක් වෙත රැගෙන යමින් තිබියදී මුහුදේ ඇති කුණාටු සහගත තත්ත්වයක් හේතුවෙන් නෞකාව ගිලීගොස් ඇති බවයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ. කළු මුහුදේ යාත්‍රා කරන රුසියානු යුද නෞකා අතර පෙරමුණේ පසුවන නෞකාවක් වන මොස්ක්වා රුසියාවේ යුද බලය පෙන්නුම් කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ද රුසියාව එම නෞකාව භාවිත කර ඇති බවයි පැවසෙන්නේ. 

කෙසේවෙතත් අදාළ නෞකාවට එල්ල වූයේ යුක්රේනය එල්ල කළ මිසයිල ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ප්‍රහාරයෙන් නෞකාව ගිනිගොස් ඇති අතර දැඩි හානි ද සිදුව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. 

කෙසේවෙතත් අදාළ නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ එහි හටගත් ගිනි ගැනීම සම්බන්ධයෙන් රුසියාව දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබුණේ නැහැ. කෙසේවෙතත් ප්‍රහාරයත් සමග නෞකාවේ සිටි නාවිකයින් පිරිස ආරක්ෂිතව ඉවත් කර ගැනීමට රුසියාව කටයුතු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here