Friday, September 20, 2024

ලොව දක්‍ෂතම වෙඩිතැබීමේ කණ්ඩායම ශ්‍රී ලංකාව

දකුණු අප‍්‍රිකාවේ පැවැති 12 වැනි ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබීමේ තරගාවලියේ (International Metallic Silhouette Shooting Union (IMSSU) කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා රයිෆල් ඉසව්වේ විශිෂ්ට දක්‍ෂතා දක්වමින් එම ඉසව්වේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය ඉකුත් 02 වැනිදා සිට 16 වැනිදා දක්වා බ්ලුපොන්ටන්හිදී පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.

ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගාවලියේදී, රන් පදක්කම් 18ක්, රීදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 11ක් සමගින් පදක්කම් 38ක් දිනාගැනීමට සමත්විය.

එහිදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ කපිතාන් පී.කේ.ජී.එස්. ගයංග සමස්ත තරගාවලියේදී රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් සුවිශේෂී දක්‍ෂතා දැක්වීමට සමත්වූ අතර, ඒ හේතුවෙන් ඔහු කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා රයිෆල් ඉසව්වේ ලොව අංක එකේ වෙඩි තැබීමේ ශූරයා බවට පත් විය.

ඔහුට අමතරව කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩක ලෙස සහභාගි වූ මේජර් සංජීව රත්නායක රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 05ක්ද, යුද හමුදා බලලත් නිලධාරී නන්දන වීරසිංහ රන් පදක්කම් 04ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක්ද, කණ්ඩායම් නායක බි‍්‍රගේඩියර් සුදර්ශන වැලිකල රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක්ද, කෝප‍්‍රල් රොෂාන් ගුණවර්ධන රිදී පදක්කමක්ද දිනාගැනීමට සමත් වූහ. ada

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles