රජයට මිලියන 19300ක් අහිමියි

0
341
Isolated illustration of an open sack containing sugar

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.30/- සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට වාර්ෂිකව අහිමි වන දළ ආදායම රු.මිලියන 19,337.5 ක් බව මුදල් අමාත්‍යාංශය කියයි.

ආනයනික සීනි මත මෙතෙක් පැවති කිලෝ ග්‍රෑම් 01ක් සඳහා වූ රු.30/- ක විශේෂ වෙළෙඳ භාණඩ බද්ද ඊයේ (18දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබුණි.

මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ රජය ලද වාර්ෂික ආදායම දළ වශයෙන් රු.මිලියන 19,500 කි. ඒ අනුව, මෙසේ එම බද්ද ශත 25 දක්වා පහත දැමීමෙන් පසු එම ආදායම රු.මිලියන 162.5 පමණ දක්වා පහත වැටෙනු ඇති බවත්, ඒ අනුව රජයට අහිමි වන ආදායම දළ වශයෙන් රු.මිලියන 19,337.5 ක් බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

මේf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here