Saturday, September 21, 2024

කිසිදු වැඩක් නොකරන නියෝජ්‍ය මුද්‍රණාලයාධිපතිට ලක්ෂ ගණන් වැටුප් සහ දීමනා

නමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රජයේ මුද්‍රණාලයේ නියෝජ්‍ය මුද්‍රණාලයාධිපති තනතුර ලක්ෂ ගණන් වැටුප් සහ දීමනා ගෙවමින් පවත්වාගෙන යන්නේ කුමක් සඳහාද යන්න රජයේ මුද්‍රණාලයේ සේවකයන් ප්‍රශ්න කරයි.
මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමය විෂයභාර අමාත්‍යංශ ලේකම්වරයාට යැවූ ලිපියක මේ බව සඳහන් වේ.
අදාල ලිපියේ සඳහන් වන්නෙ පසුගිය රජය සමයේ හිටපු අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා සමග එක්ව අදාල නිළධාරියා විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බවයි. යහපාලන රජය පත්වීමෙන් පසුවද අදාල නිළධාරියා කිසිදු රාජකාරියක් සිදු නොකර ලක්ෂ ගණන් වැටුප් සහ දීමනා ලබාගැනීම හා ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු පියවරක් නොගැනීම ගැටලු සහගත බව සේවකයන් ප්‍රශ්න කරයි.
මේ වනවිට මෙම නිළධාරියා ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කර ඇති අතර ඔහුගේ තනතුර සම්බන්ධයෙන් සේවයකයන්ට බරපතල ගැටලුවක් බව අදාල ලිපියේ සඳහන් වේ.
මෙම තනතුරට අදාලව මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වැටුප්, දීමනා, ප්‍රවාහන සහ දුරකතන දීමනා ලෙස රුපියල් 14, 93,343 ක් ගෙවා ඇති බව අදාල ලිපියේ සඳහන් වේ. පසුගිය වසරේදී ඔහුට KE-9536 දරන නිළ වාහනය ලබාදී ඇති අතර ඒ සඳහා ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,05,680 ක් ගෙවා තිබේ. මීට අමතරව දුරකතන දීමනා ලෙස රුපියල් 60,000 ක් ගෙවා ඇති අතර නොවැම්බර් මාසයේදී පමණක් පුදුම සහගත ලෙස රුපියල් 15,000 ක දුරකතන දීමනාවක් ගෙවා තිබේ.
මුද්‍රණාල සේවකයන් ප්‍රකාශ කරන්නේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගහොත් සේවකයන් නොසන්සුන්තාවයට පත්විය හැකි බවයි. පසුගිය රජය සමයේ සිදුවූ අක්‍රමිකතා කිසිදු බාධාවකින් තොරව තවදුරටත් සිදුවීම යහපාලනය අදාල වන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරන රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමය, මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී. lankanewsweb.net

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles