“ඇමරිකාවෙන් බෙහෙත් ගන්න අයට ජනතා සෞඛ්‍යෙයන් වැඩක් නෑ“

0
532

ඇමෙරිකාවේ හා සිංගප්පූරුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා  ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රටේ ජනතාවගේ සෞඛ්‍යයෙන් වැඩක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19) පැවැසීය.

ආණ්ඩුව රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන දැවැන්ත ප්‍රශ්න විසඳීම වෙනුවට කෝටි ගණන් වියදම් කරමින් ගොඩනැගිලි ඉදිකරමින් සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය.

සියලු ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා දෙන ලෙස බලකරමින් රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයේ නියුතු ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් හමුවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු කීවේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද කීය.

“මේ සත්‍යග්‍රහයට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා. මේ ආකාරයෙන් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 650කට ආසන්න පිරිසක් 2010 සිට රැකිය විරහිතභාවයෙන් පෙළෙනවා.

අපේ දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේදය වෛද්‍ය ක්‍රමය නගා සිටුවන්න පාරම්බාපු කිසිම ආණ්ඩුවක් මේ ප්‍රශ්නය විසඳුවේ නැහැ. දේශීයත්වය ගැන නිරන්තරයෙන් කතා කරපු මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මේ ගැන කතා කළේ නැහැ. වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදුන්නේ නැහැ. ඔවුන්ව අමතක කළා. නොසලකා හැරියා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here