අවම බස් ගාස්තුව රුපියල් 40ක්..

0
365

ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ශික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මෙයට අමතරව සියලුම බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සිදුවන බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

අයි. ඕ. සී ඉන්ධන පිරවුම් හල් වල පමණක් ඉන්ධන මිල ඉහල දැමුවත් පවතින තදබදය සහ ඇතැම් ප්‍රදේශවල සිපෙට්කෝ පිරවුම්හල් නොමැතිවීමෙන් වැඩි මුදලට ඩීසල් ලබා ගැනීමට සිදුවන බවත් ඔහු කීවේය.

කෙසේවෙතත් බස් සංගම් මේ මොහොතේ බස් ගාස්තු සංශෝදනයක් අපේක්ෂාෂානොකරන බවත් හෙතෙම පැවසීය.

නිසි ක්‍රමවේදයක් සකස් නොකළහොත් ඉහත අනුපාත වලින් ජූලි මාසය වනවිට ගාස්තු සංශෝදනය කිරීමට සිදුවන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here