ප්‍රියන්තගේ තීන්දුව අද….

0
342
priyantha

පාකිස්ථානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වූ ශ්‍රී ලංකා ජාතික ප්‍රියන්ත කුමාර මහතාගේ මිනීමැරුම් නඩුවේ තීන්දුව අද (18) ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව අද (18) ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව එම වාර්තා සදහන් කලේය. දිනපතා විභාගයට ගත් නඩුවේ පැමිණිලිකාර පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය තමන්ගේ තර්ක ඉදිරිපත් කර අවසන් අතර නිලධාරීන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද සටහන් කර අවසන් බව එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

මෙම නඩු විභාගයේදී පුද්ගලයින් 89 දෙනෙකුට චෝදනා ගොනු කර ඇති අතර ඉන් නව දෙනෙක් බාලවයස්කරුවන් බව බලධාරීහු ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here