ස්වාධීන මන්ත්‍රීන් 40ට පාර්ලිමේන්තුවේ එක්ව අසුන් ගැනීමට අවසර

0
387

ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 40 දෙනා හට පාර්ලිමේන්තුව තුළ එක්ව අසුන් ගැනීමට කතානායකවරයා අවසර ලබාදුන් බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.


ඒ මහතා සඳහන් කර සිටියේ තමන්ට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා අවසර ඉල්ලීමට, අදාළ මන්ත්‍රීන් කණ්ඩායම විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18දා) හමුවූ අවස්ථාවේදී මෙම අවසරය ලද බවයි.


කෙසේවුවද සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව තමන් ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම වන බවත් එහෙත් ජනාධිපතිවරයා සිදු ඇත්තේ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කිරීම වන බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.


හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ උද්ගතව ඇති ජනතා හඬට සවන් දීම ආණ්ඩුවේ වගකීම වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here