රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ…

0
488

රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී පවසනවා.

තුවාල ලැබූ අනෙක් පිරිස සාමාන්‍ය තත්ත්වයෙන් පසු වන බවයි විමසීමකදී ඇය ප්‍රකාශ කළේ.

මේ අතර රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here