සහන නුදුන්නොත් ජනපති, අගමැති මන්දිර වටලනවා – ත්‍රිවිල් රියදුරෝ

0
593

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ මැති ඇමතිවරුන්ගේ නිවාස වටලන බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රචාරක ලේකම් කපිල ගලපිටගේ මහතා ප්‍රකාශ කළේ, සිය සංගමයේ සාමාජිකයින් ලක්ෂ 10කට අධික පිරිසක් වන අතර ඔවුන් සිය පවුලේ සාමාජිකයින් සමග මෙම වැටලීමට එක් වනු ඇති බව ය.

වත්මන් ආණ්ඩුවෙහි දුර්වල කළමනාකාරීත්වය හේතුවෙන් සියලු ම ජනතාව පීඩාවට පත්ව සිටින හෙයින් ඉන්ධන මිල වැඩි කිරීමට සමගාමීව දිනෙන් දින ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කළ නොහැකි බව ද ඔහු පැවසීය.

සහන ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීම් කළ ද කිසිදු සහනයක් නොදී ඉන්ධන මිල ඉහළ දැමීම ඉතා අසාධාරණ ක්‍රියාවක් බව කපිල ගලපිටගේ මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මේ වන විට ත් නගර රැසක උද්ඝෝෂණ රැසක් ආරම්භ කර ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here