ප්‍රේමදාස 21දා 21 ගෙන එයි.. කාදිනල් හිමියන්ට ලිඛිත පොරොන්දුවක්…!

0
972

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධනය සඳහා යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය අද (21) කතානායකවරයා වෙත භාර දී තිබේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදී ඇති අතර ඉන් අනතුරුව එම කෙටුම්පත කතානායකවරයා වෙත භාර දී ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාළ සංශෝධනය, 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විත බව සඳහන් ය. මෙය 19 වැනි සංශෝධයේ පැවැති ලුහුඬුතා ඉවත් කොට නිර්මාණය කරන ලද්දකි.

එලෙසම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගය ලෙස එම පොරොන්දුව ලබා දෙන බව කී විපක්ෂ නායකයා එම පොරොන්දු පත්‍රය  සභාගත කරන බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here