චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු හෙට .. ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවත් කැදවයි.

0
534
chaminda lakshan

රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු හෙට දින සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම අවසන් කටයුතු හෙට දිනයේ දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතය. කෙසේ වෙතත් එම මරණය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුවන හෙට දිනයේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන මෙන් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here