25 වෙනිදා ලංකාවේ සියලු පාසල් වැසෙයි ?

0
369

එළඹෙන 25 වැනිදා දිවයින පුරා රජයේ පාසල් සියල්ල තුළම ගුරු විදුහල්පතිවරු සේවයෙන් ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටර්ලින් මහතා පැවසුවේය.

ගුරු විදුහල්පති සන්ධානය ලෙස අද (21) ගෝල්ෆේස් හි ගෝඨා ගෝ ගම පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීයි ස්ටාලින් මහතා මේ බව කියා සිටියේ.

ඉන්ධන ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් දිය නොහැකි නම් ගුරු වරුන්ට තමන්ට ආසන්නම පාසලේ රාජකාරී කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළද එයට ඔහු එකඟ නොවීම මත මෙම තීරණයට එළඹී බවයි ස්ටාලින් මහතා පැවසුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here