කිරිපිටි මිල වැඩිවේ?

0
710

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ, මේ වන විට කිරිපිටි තොග අවසන් බව ත් නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබෙන බව ත් ය.

ඒ අනුව, කිරිපිටි තොග ලැබුණු පසු අදාළ මිල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ආනයනික කිරිපිට මිල මාර්තු 19 වන දා ඉහළ දැමූ අතර ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රු. 250කින් සහ කිලෝ ග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 600කින් ඉහළ දැමීමට එම සංගමය කටයුතු කර තිබිණි.

මිල ඉහළ දැමීමත් සමග ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මේ වන විට වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 790කට ය.

කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක් අලෙවි වන්නේ, රු. 1945කට ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here