එන්නත් කාඩ්පත අනිවාර්යයද?

0
452

එළඹෙන අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පොදු ස්ථානවලට පිවිසීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

රට තුළ පවතින තත්වය හමුවේ යළි කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් සිදු වුවහොත් අර්බුදකාරී තත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

මේ අතර පොදු ස්ථානවල මුව ආවරණ පැළදීම අනිවාර්ය නොකිරීමට ගත් තීරණයද යළි අත්හිටුවීමට ඊයේ (21) සිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here