මන්ත්‍රීවරුන්ට සැප ගෙවල්දීමේ ව්‍යාපෘතිය නවතයි…

0
495

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනෙකුට බත්තරමුල්ල වියත්පුර මහල් නිවාස සංකීර්ණයෙන් සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස්දී ඇත.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ව්‍යාපෘතිය හදිසියේම මෙසේ නතර කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් යම් යම් විරෝධතාද පසුගිය කාලයේදි එල්ලවී තිබූ බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

බත්තරමුල්ල වියත්පුර නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.

නිවාස ලබා ගැනීමට බැංකු ණය ක්‍රමයක් යටතේ සහනදායි ණය ලබාදීම එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ.

ඒ යටතේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ණය මුදලක් ලබාදීමට අපේක්ෂා කෙරුණු බව එම ආරංචිමාර්ග සඳහන් කළේය.

එම නිවාස ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට සිය විරෝධය මතු කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here