චීනය ජල ආධිපත්‍යයක් ඇති කිරීමට කටයුතු කරන බවට චෝදනාවක්.

0
514
A Chinese flag is seen in front of the Friendship bridge over the Yalu River connecting the North Korean town of Sinuiju and Dandong in China's Liaoning Province, April 1, 2017. REUTERS/Damir Sagolj

චීනය ටිබෙටයේ ගංගා හරහා දැවැන්ත වේලි ඉදිකිරීමේ ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කරමින් දකුණු හා අග්නිදිග ආසියාවේ ජල ආධිපත්‍යයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

ග්ලොබල් ඕඩර් පර්යේෂණ වාර්තාවක් අනාවරණය කරන්නේ, චීනය මේ වනවිට වේලි 30,000කට අධික ප්‍රමාණයකට නිවහන වී ඇති බවයි.

එය ලෝකයේ සෙසු රටවල ඇති මුළු වේලි සංඛ්‍යාවට වඩා වැඩි බව අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් හෙළි කර තිබේ.

ඔවුන් තවදුරටත් ටිබෙටයේ දැවැන්ත වේලි ඉදිකරමින් ඇති බවත් මේ හරහා දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල විශේෂයෙන්ම එම රටවල පහළ කලාපයේ ප්‍රදේශ බරපතල ජල ගැටලුවලට මුහුණදීමේ අවධානමක් මතුව ඇති බවත් අදාළ වාර්තාව සදහන් කරයි.

මේ අතර චීනයේ දකුණු අසල්වැසියා වන ඉන්දියාව, බ්‍රහ්මපුත්‍ර ගඟේ මෙගා වේල්ලක් ඉදිකිරීමට චීනය විසින් මෑතක දී ගෙන ඇති සැලසුම් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වී තිබෙනවා.

චීනය මෙටොක් ප්‍රාන්තයේ සැලසුම් කරන මෙම සුපිරි වේල්ල, ලෝකයේ දැනට පවතින විශාලතම බලාගාරය වන ත්‍රී ගෝර්ජස් වේල්ලට වඩා විශාල වනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තාව පවසයි.

ටිබෙටය ආක්‍රමණය කළ දා සිට චීනය, දකුණු-උතුරු ජල හැරවීමේ ව්‍යාපෘතිය වැනි වැරදි සංකල්පිත පාරිසරික හා සංවර්ධන ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරමින් ගංගාවල ස්වාභාවික ප්‍රවාහයට බාධා කර ඇති බව වාර්තාව පවසයි.

ආසියාවේ ප්‍රධාන ගංගාවලට විනාශකාරී බලපෑම් ඇති කරමින් ටිබෙට් සානුවේ වේල්ලක් තැනීමද සිදු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here