BREAKING ගෑස් මිල ඉහල යාමේ තීරණය අද..

0
384

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද(25) දිනයේ දී තීරණයක් ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

මේ අතර, දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් 3600ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පසුගිය දා කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා එනම් රුපියල් 2500කින් ඉහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළත් ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව රජය පැවසුවා.

කෙසේ වෙතත් මිල වැඩි කිරීමකින් තොර ව ගෑස් සැපයුම පවත්වාගෙන යෑමට නො හැකි බව යි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here