අගමැති ගෙදර! සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට ගෝඨා සූදානම්…

0
1972

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන් වෙත ජනාධිපතිවරයා ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී අග්‍රාමත්‍යවරයෙක් අලුතින් පත්කොට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි තාවකාලික ආණ්ඩුවක් පිහිටවිම අරමුණ වී ඇත.

ඒ අනුව මෙම සාකච්ඡාව අනිද්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී පිහිටුවීමට නියමිත නව රජයේ ව්‍යුහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා මහ නාහිමිවරුන්ටද ලිපියක් යොමු කරමින් සඳහන් කළේ, තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here