බලුකිස්තානයේ සාමාන්‍ය වැසියන් ඝාතනය කරන බවට පකිස්තාන ආරක්ෂක අංශවලට චෝදනා

0
540

බලුකිස්තාන පළාතේ චාගයි දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලුකිස්තාන ජනතාව පකිස්තාන ආරක්ෂක අංශවලට විරෝධය පළ කරති..

අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට තුවාල සිදු කරමින් චාගයිහි නෝක් කුන්ඩි ප්‍රදේශයේ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ වෙඩි තැබීමට එරෙහිව අප්‍රේල් තුන්වන සතියේ දී විරෝධතා පෙලපාලියක් සංවිධානය කර තිබිණ.

පකිස්තාන හමුදාවේ පෙරටුගාමී බළකායේ භටයින්ගේ වෙඩි තැබීමෙන් චාගයි කාන්තාර ප්‍රදේශයේදී රියදුරෙකු ඝාතනය කිරීමට එරෙහිව ද ජනතාව විරෝධය පළ කළහ.

බලුකිස්තානයේ පිහිටි පකිස්තාන හමුදාවේ පෙරටුගාමී බළකා කඳවුරක් ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්විණි.

මෙම සිදුවීම්වලින් පසුව අපේ‍්‍රල් 21 වැනි දින “බලූචි ජන සංහාරය නවත්වන්න” යන සටන් පාඨය සමඟින් රටේ විවිධ ප‍්‍රදේශවල විරෝධතා සිදු කිරීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here