ඉන්දියාවේ ‍ කෝවිඩ් එන්නත්කරණ වැඩසටහන තීරණාත්මක කඩඉමක් පනියි.

0
385
Lucknow, Jan 10 (ANI): A beneficiary receives a 'precautionary dose' of COVID-19 vaccine as the country sees Omicron-driven Coronavirus surge, at Dr. Shyama Prasad Mukherjee (Civil) Hospital, in Lucknow on Monday. Healthcare and frontline workers and those above 60 years of age with comorbidities will be benefitted from this dose. (ANI Photo)

ඉන්දියාවේ කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන නව සන්ධිස්ථානයක් වෙත ළඟා වී ඇති අතර ඒ අනුව එහි වැඩිහිටි ජනගහනයෙන් සියයට 96 කට වැඩි ප්‍රමාණයකට කොවිඩ් 19 එන්නත අවම වශයෙන් එක් මාත්‍රාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

එමෙන්ම වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 84 කට පමණ මාත්‍රා දෙකම ලබා දී ඇතැයි ද සදහන් ‍වේ.

කොවිඩ් 19 වෛරසයට එරෙහි විශාලතම ආරක්‍ෂාව ලෙස සැලකෙන එන්නත්කරණය ඉන්දියාව තුළ වයස අවුරුදු 5-12 අතර ළමුන් ආවරණය වන පරිදි තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.

අඟහරුවාදා, ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල් (DCGI) විසින් වයස අවුරුදු 6-12 වයස් කාණ්ඩය සඳහා භාරත් බයෝටෙක් හි Covaxin එන්නත හා වයස අවුරුදු 5 සිට 12 දක්වා කාණ්ඩය සඳහා Corbevax හදිසි භාවිතය සඳහා අවසරය ලබා දී තිබිණි.

ඉන්දියාව පසුගිය වසරේ ජනවාරි 16 වැනි දින ලොව විශාලතම එන්නත් වැඩසටහන දියත් කළේ සෞඛ්‍ය සේවකයින්ට, පෙරටුගාමී සේවකයින්ට හා විවිධ රෝග ඇති අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here