ඉන්දීය සහ ඇමරිකා නාවික ප්‍රධානීන් අතර හමුවක්

0
502

ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් සහ එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් ජෝන් සී ඇකිලිනෝ අතර සාකච්ඡාවක් නවදිල්ලියේ දී සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහතික කිරීම සහ හමුදා දෙක අතර පවත්නා සහයෝගිතාවන් හා හැකියාවන් වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳ අද්මිරාල්වරුන් දෙදෙනා මෙහි දී සාකච්ඡා කරනු ලැබූහ.

මේ අනුව ආරක්ෂක සහයෝගීතාව ඉන්දු-එක්සත් ජනපද සබඳතාවල තීරණාත්මක අංගයක් වී ඇතැයි පැවසේ.

මෙම හමුවට පෙර අද්මිරාල් ඇකිලිනෝ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ද හමුවී තිබිණි.

මීට පෙර එක්සත් ජනපද අද්මිරාල්වරයා නවදිල්ලියේ සවුත් බ්ලොක්හි දී ගෞරව සම්මාන මුරයක් සහිතව විධිමත් ලෙස පිළිගනු ලැබූ බවට ඉන්දීය නාවික හමුදාව ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here