පොලීසියෙන් විශේෂ නිවේදනයක්!

0
941

අද (01) දින යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන විවිධ දේශපාලන පක්ෂ විසින් මැයි දින පෙළපාලි හා රැස්වීම් සංවිධානය කිරීමට කටයුතු කර තිබෙනවා. එය දේශපාලන පක්ෂ කිහිපයක් විසින් පමණක් විවිධ මට්ටමෙන් දියත් කරනු ලබන බව වාර්තා වේ.

ඒ අනුව මැයි දින පෙළපාලි සඳහා ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සමාන්‍ය රථවාහන ගමනා ගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා

කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් සඳහා නියමිත රාජකාරි ආවරණය කිරීමට පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම මාර්ග කිහිපයක දහවල් 12.00 න් පසු වාහන සහ යතුරුපැදි නතර කිරීමට අවසර ලබා නොදෙන බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here