චීන ජාතිකයන්ට ඉන්දියාවෙන් වීසා නෑ

0
475

ඉන්දියාව චීන ජාතිකයින් සඳහා සංචාරක හෝ ඊ-සංචාරක වීසා නිකුත් කිරීම ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද කර තිබේ.

ඒ චීනයේ නගර ගණනාවක මේ දිනවල පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

චීනය ද 2020 නොවැම්බර් මාසයේ සිට රාජ්‍ය තාන්ත්‍රික සහ නිල වීසා හැර ඉන්දියානු ජාතිකයින්ට වෙනත් කිසිදු ආකාරයක වීසා බලපත්‍රයක් නිකුත් කර නොමැත.

කෙසේවෙතත්, ඉන්දියාව තවමත් චීන ජාතිකයින්ට ව්‍යාපාරික, රැකියා, රාජ්‍යතාන්ත්‍රික සහ නිල වීසා ලබා දෙයි.

එහෙත් ඉන්දියාව චීන ජාතිකයන් සදහා සංචාරක වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීම මෙසේ තවදුරටත් ප්‍රමාද කර තිබේ.

කෙසේවෙතත්, ඉන්දීය සිසුන්ට නැවත චීනයට යාමට බීජිං නුදුරේදීම අවසර දෙනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here