21 කියන්නේ අම්බලමක්…

0
571

21 වන සංශෝදනය ගෙන ඒම මගින් මෙරට ආර්ථික ගැටළු වලට විසඳුමක් නොලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එය පිළිගන්නේ නම් “අම්බලමක් ” ලෙස සිතා පිළිගත හැකි බවයි ඒ මහතා කියා සිටින්නේ.

කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුමට එක වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ,නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයද අවධාරණය කර සිටියා.

“ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා 20 වෙනුවට 21 වන සංශෝධනය ඉදිරිපත් කරන්න. මම 20 වන සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වන සංශෝධනයෙන් විධායක ජනාධිතිගේ බලතල නැති කරලා, 19ට එනවා නම් අපි ඒක අම්බලමක් විදියට පිළිගමු. 21 වන සංශෝධනය ගෙනාවා කියලා රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නෑ. අපේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ අර්බුදයට විසඳුම් උවමනායි. මම කියනවා මේක විසඳන්න පුළුවන් කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here